spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධානතම ආයතනයක සභාපතිවරයෙකුගේ වැටුප ගැන නිර්දේශයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කළ දූෂණ විරෝධි පනත යටතේ ස්ථාපිත වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතු බැවින් දැනට යෝජනා කර ඇති වැටුප් පරිමාණය නැවත සළකා බලා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලෙස මුදල් කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් සහ දීමනාවලට අදාළ යෝජනාව අනුමැතිය සඳහා ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාවට යොමු කර තිබූ අවස්ථාවේදීයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූයේ.

මෙරට දූෂණය නතර කිරීම සඳහා පත් කරන ප්‍රධානතම ස්වාධීන ආයතනයේ ප්‍රධානියාගේ තනතුර සුවිශේෂි තනතුරක් බවත් එහි ගෞරවය සහ වටිනාකමට ගැළපෙන පරිදි අදාළ වැටුප් පරිමාණය වඩාත් ශක්තිමත් විය යුතු බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

මෙහිදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියේ අධිකරණ සේවයේ පවතින වැටුප් තල සලකා බලා අභියානාධිකරණ විනිසුරු වැටුප් තල හා සමානව මෙම වැටුප් යෝජනා කළ බවයි. එසේම මෙම වැටුප් පරිමාණය තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

අනෙකුත් කොමිෂන් සභාවල සභාපතිවරුන්ට අමතර ආදායම් මාර්ග හා සම්බන්ධ වීමට හැකියාව තිබුණ ද මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයාට එවැනි අවසරයක්ද නොමැති බව ද හෙළි වුණා. එබැවින් තනතුරෙහි ගෞරවය සුරැකෙන පරිදි මෙම වැටුප් පරිමාණය ඉහළ තලයකට ගෙන ඒමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?