ගෙදරින් ගිය සැමියා වසර 16කට පසු පෙට්ටියෙන් එයි

තම අසල්වැසි නිවසේ කාන්තාවන් සමග ඇතිකරගත් අනියම් සම්බන්ධතාවයක් ඇයට යැවූ පෙම් හසුනක් තම බිරිඳට හසුවීම නිසා තම බිරිය සමග ඇතිකරගත් දබර ය හේතුවෙන් නිවසින් පලාගිය 62 හැවිරිදි පුද්ගලයකු අවුරුදු 16කට පසුව රඹුක්කන දුම්රියකට පැන දිවි නසාගෙන ඇතැයි කෑගල්ල මහ රෝහලේ පැවැති මරණ පරික්ෂණයකදී හෙලිවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මහනුවර පොලිස් වසමේ පදිංචිව සිටි තිදරු පියෙකි.  සිය දිවි නසාගන්නා විට ඔහු 78 වැනි වියේ පමණ පසුවී ඇත. රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් දුම්රිය මාර්ගයේ තිබූ හිස කඳින් වෙන්වී ගිය වයෝවෘද්ධ පුද්ගලයකුගේ සිරුරක් රඹුක්කන පොලිසිය විසින් සොයාගැනීමෙන් පසුව පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා එම පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. දිවි නසාගෙන ඇති පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් පිළිබඳ තොරතුරු සිද්ධියෙන් දින 5කට පසුව සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ විවාහක බිරිද හා පුතකු පැමිණ සිරුර හඳුනා ගැනීමෙන් පසු හදිසි මරණ පරික්ෂක රේණුකා සුබෝධිනී මහත්මිය හමුවේ පෙරේදා (22) පරීක්ෂණය පවත්වා ඇත.

“මීට වසර 16කට පෙර සැමියා අසල්වැසි කාන්තාවකට ලියුමක් ලියා තිබෙනවා. ඒ කාන්තාවගේ සැමියා මිය ගිහින් සිටියේ. සැමියා ලියන ලද ඒ ලියුම ඇයගේ පුතකුට හමුවී මට ගෙනත් දුන්නා. ‘හොර රහසේ ඈත පළාතකට පැනගොස් හොඳට ජීවත් වෙමු’ කියා මගේ සැමියා ඇයට ලියා තිබුණා. මේ ලියුම ගැන සැමියාගෙන් විමසු අවස්ථාවේ ඔහු මාත් එක්ක දබරවෙලා ගෙදරින් යන්න ගියා. ඒ වෙනකොට සැමියාගේ වයස අවුරුදු 62ක් විතර වෙනවා. මිට වසර 16කට විතර කලින් ගෙදරින් පිටවෙලා ගිය සැමියා ආයෙත් කවදාවත් ගෙදර ආවේ නැහැ. මට කොහෙන්වත් හමුවුණෙත් නැහැ. අද ඔහුගේ මළ සිරුර තමා අපි දුටුවේ.’

වසර 16කට පෙර සිය සැමියා අසල්වැසි කාන්තාවට ලියූ පෙම් හසුන සුරැකිව තබාගෙන සිටි සාක්‍ෂිකාරිය හදිසි මරණ පරීක්ෂිකාව හමුවේ එම ලිපිය ද ඉදිරිපත් කර තිබේ.

ඉදිරිපත් වූ සාක්කි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරිය මෙය දුම්රියකට ගෙල තබා සිදුකරගත් සිය දිවි නසාගැනීමක් බවට තීන්දු කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?