ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට පිවිසෙන ප්‍රතිවාදීන් කවුද? – තීරණය අද

එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර යි.

ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී දෙරට අතර තරගය පස්වරු 02ට ආරම්භ වනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් සිටින්නේ දෙවැනි ස්ථානයේ හා තුන්වැනි ස්ථානයේ යි.

මුහුණු දුන් තරග 09කින් ම දෙපිළ ම තරග 07 බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.

තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍යය අනුවයි මෙම ස්ථාන කණ්ඩායම් දෙකට ම හිමි ව ඇත්තේ.

මේ වනවිටත් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ එළඹෙන 19 වැනි පස්වරු 02ටයි.

ඒ අහමදාබාද් නුවර දීයි.

අවසන් මහා තරගයට පළමු ව දොරටුව විවර කරගැනීමට ඊයේ දිනයේ දී ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

ඒ අනුව අද තරගයේ ජයග්‍රාහක කණ්ඩායම් කවුරුන් හෝ වේවා; එම කණ්ඩායම එළඹෙන 19 වැනි දා ඉන්දියාවට එරෙහිව 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයින් වීමට තරග වැදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37