spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට පිවිසෙන ප්‍රතිවාදීන් කවුද? – තීරණය අද

එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර යි.

ඊඩ්න් ගාර්ඩ්න්ස් හි දී දෙරට අතර තරගය පස්වරු 02ට ආරම්භ වනවා.

මේ වනවිට කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් සිටින්නේ දෙවැනි ස්ථානයේ හා තුන්වැනි ස්ථානයේ යි.

මුහුණු දුන් තරග 09කින් ම දෙපිළ ම තරග 07 බැගින් ජයග්‍රහණය කර තිබෙනවා.

තරග ජයග්‍රහණය කිරීමේ සාමාන්‍යය අනුවයි මෙම ස්ථාන කණ්ඩායම් දෙකට ම හිමි ව ඇත්තේ.

මේ වනවිටත් අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ව ඇත්තේ එළඹෙන 19 වැනි පස්වරු 02ටයි.

ඒ අහමදාබාද් නුවර දීයි.

අවසන් මහා තරගයට පළමු ව දොරටුව විවර කරගැනීමට ඊයේ දිනයේ දී ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

ඒ අනුව අද තරගයේ ජයග්‍රාහක කණ්ඩායම් කවුරුන් හෝ වේවා; එම කණ්ඩායම එළඹෙන 19 වැනි දා ඉන්දියාවට එරෙහිව 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශූරයින් වීමට තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?