නවසීලන්තය පැරදූ ඉන්දියාව 2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා. ඒ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් නවසීලන්තය පරදවා ලකුණු 70ක ජයක් ලබා ගනිමින්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.

විරාත් කෝලි අද වාර්තා දෙකක් තබමින් ලකුණු 117ක් ලබා ගත්තා. තම 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින් ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට ඔහු අද සමත් වුණා. කෝලි මෙම සුවිශේෂී ශතකය වාර්තා කළේ පන්දු 106කට මුහුණ දෙමින්. ඔහු මීට පෙර එක්දින ශතක 49ක් රැස්කරගෙන එක්දින පිටියේ වැඩිම ශතක ලාභීන් අතර සචින් තෙන්ඩුල්කාර් සමග සමතැන ගෙන සිටියා.

එමෙන්ම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද විරාත් කෝලි අද සමත් වුණා. ඔහු මෙලෙස බිඳ දමනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් තබා තිබූ වාර්තාවයි. තෙන්ඩුල්කාර් 2003 ලෝක කුසලානයේදී ලකුණු 673ක් රැස් කර තිබුණා.

නායක රෝහිත් ශර්මා ලකුණු 47යි. ශුබ්මන් ගිල් ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79ක්. එහෙත් 4 වන කඩුල්ල බිඳ වැටීමෙන් පසු යළිත් පිටියට පැමිණි ශුබ්මන් ගිල් තම ලකුණු සංඛ්‍යාව 80 දක්වා ඉහළ නංවා ගත්තා. ශ්‍රෙයාස් අයියර් ලකුණු 105ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති මෙම තරගය ජය ගැනීමට නවසීලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 398ක්.

ඔවුන්ට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 327ක් පමණයි.

ඩැරිල් මිචෙල් ලකුණු 134ක් රැස් කළා. පන්දු 119කින් ඔහු එම ලකුණු 134 ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් ද සමගින්.

නායක කේන් විලියම්සන් 69යි. ග්ලෙන් පිලිප්ස් ලකුණු 41ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මොහොමඩ් ශාමි කඩුලු 7ක් බිඳහෙලුවා.

ඉන්දියාව අද ලබාගත් මෙම ජයග්‍රහණය සමගින් ඔවුන් 2023 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

හෙට (16) දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ඉන්දියාව ලබන 19 වනදා අවසන් මහා තරගයට එක්වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14