වනජීවී වෙඩිල්ල පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරයි

ලුණුගම්වෙහෙර රක්ෂිතයේදී වනජීවී නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. මියගොස් ඇති පුද්ගලයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.