පොල්ගස්ඕවිට රිය අනතුරකින් අයෙක් මරුට – පාසල් සිසුවියක් ඇතුළු හයක් 6ක් රෝහලට (ඡායාරූප)

කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී පෞද්ගලික බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෑන් රථයේ රියදුරා ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පාසල් සිසුවියක ඇතුළු හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද දහවල් සිදුවූ මෙම අනතුරක් සමඟම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පලාගොස් කහතුඩුව පොලිසිය වෙත භාරවී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇතුලුව බස් රථයේ ගමන් ගත් පිරිසක්.

මත්තේගොඩ ප්‍රදේශයේ සිට පැමිණ හොරණ කොළඹ 120 මාර්ගයට යොමු කර තිබූ වෑන් රථය කොළඹ දෙසට හැරවීමට සූදානම් වීමේ දී කැස්බෑව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන්.

අනතුරක් සමඟම එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් තුවාල ලබා වෑන් රථය සිර වී සිටි රියදුරා සහ අනෙක් පුද්ගලයා දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන වෑතර රෝහල වෙත යොමු කර තිබුණා.

රියැදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ජිවිතක්ෂයට පත්වී ඇත්තේ.

කහතුඩුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27