AFC Banner
Empty Ad
Empty Ad

කිං කෝලිගෙන් තවත් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (15) සමත් වුණා.

ඒ, සිය 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින්.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දීයි කෝලි මෙම ශතකය රැස් කළේ.

ඔහු මෙම සුවිශේෂී ශතකය වාර්තා කළේ පන්දු 106කට මුහුණ දෙමින්.

කෝලි මීට පෙර එක්දින ශතක 49ක් රැස්කරගෙන එක්දින පිටියේ වැඩිම ශතක ලාභීන් අතර සචින් තෙන්ඩුල්කාර් සමග සමතැන ගෙන සිටියා.

විරාට් කෝලි අද ක්‍රීඩා කරන්නේ තම 291 වන ජාත්‍යන්තර එක්දින තරගයටයි.

කෝලිගේ ශතක රැස්කිරීම

ශ්‍රී ලංකාවට එරෙහිව ශතක – 10
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතක – 9
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක – 8
නවසීලන්තයට එරෙහිව ශතක – 6
බංග්ලාදේශයට එරෙහිව ශතක – 5
දකුණු අප්‍රිකාවට එරෙහිව ශතක – 5
එංගලන්තයට එරෙහිව ශතක – 3
පාකිස්ථානයට එරෙහිව ශතක – 3
සිම්බාබ්වේ දේශයට එරෙහිව ශතක – 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?