කිං කෝලිගෙන් තවත් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තරය එක්දින පිටියේ ශතක ලාභීන් අතර පෙරමුණ ගන්නට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (15) සමත් වුණා.

ඒ, සිය 50 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරමින්.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දීයි කෝලි මෙම ශතකය රැස් කළේ.

ඔහු මෙම සුවිශේෂී ශතකය වාර්තා කළේ පන්දු 106කට මුහුණ දෙමින්.

කෝලි මීට පෙර එක්දින ශතක 49ක් රැස්කරගෙන එක්දින පිටියේ වැඩිම ශතක ලාභීන් අතර සචින් තෙන්ඩුල්කාර් සමග සමතැන ගෙන සිටියා.

විරාට් කෝලි අද ක්‍රීඩා කරන්නේ තම 291 වන ජාත්‍යන්තර එක්දින තරගයටයි.

කෝලිගේ ශතක රැස්කිරීම

ශ්‍රී ලංකාවට එරෙහිව ශතක – 10
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශතක – 9
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක – 8
නවසීලන්තයට එරෙහිව ශතක – 6
බංග්ලාදේශයට එරෙහිව ශතක – 5
දකුණු අප්‍රිකාවට එරෙහිව ශතක – 5
එංගලන්තයට එරෙහිව ශතක – 3
පාකිස්ථානයට එරෙහිව ශතක – 3
සිම්බාබ්වේ දේශයට එරෙහිව ශතක – 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14