දියවැඩියාවෙන් තොර සමාජයක් – ගම්පොළින් ඇරඹෙයි

‘දියවැඩියාවෙන් තොර සමාජයක්’ යන්න තේමා කර ගනිමින් ලෝක දියවැඩියා දිනයට සමගාමී ව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ පාගමනක් ගම්පොල නගරයේ දී පැවැත්වුණා.

ගම්පොල නගර සභාව, ගම්පොල ශික්ෂණ රෝහල ,පොලිසිය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය, ගම්පල සිංහල වෙළෙඳ පෙරමුණ, ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය, යොවුන් සේනාංකය, ගම්පොල මුස්ලිම් තරුණ සංවිධානය, ගම්පොල මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව ඇතුළු විවිධ සංවිධාන හා වෙළෙඳ ආයතන එක් වෙමිනුයි මෙම පා ගමන පැවැත්වුණේ.

ගම්පොල සිංහ සමාජය මගින් මෙය සංවිධානය කර තිබුණා.

ගම්පොල ශික්ෂණ රෝහල අසලින් ආරම්භ කළ දැනුවත් කිරීමේ පාගමන නගරය තුළ ගමන් කිරීමෙන් අනතුරුව ගම්පොල නගර සභා භූමියට පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එහිදී ව්‍යායාම සැසියක් පවත්වා රැස්ව සිටි පිරිස් හට වීදි නාට්‍යයක් ද රඟ දැක්වුවා.

ගම්පොළ ශික්ෂණ රෝහල හා දිගාසිරි රෝහල එක්ව පැමිණ සිටි සියලු දෙනාගේ රුධිර පරීක්ෂාව නොමිලේ සිදු කළ අතර ඉන් පසුව නගර සභා ශ්‍රවණාගාරයේ දී දැනුවත් කිරීමේ දේශන තුනක් ද පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ගම්පොල උඩ පළාත ප්‍රධාන සංඝනායක රතන විහාරාධිපති බෝවල විමලධම්ම නාහිමි, මුස්ලිම් ආගමික පූජක ජිෆ්රි මවුලවි, ගම්පොල නගර සභා ලේකම් ඩි.ජී.ජයරත්න සිංහාධිපති පන්ථක දාබරේ මහාචාර්ය ආර්.ආර්. වීජේවීර, දිගාසිරි රෝහලේ අධිපති ප්‍රියන්ත අභයකෝන්, හිටපු සිංහාධිපති චේතිය පරණතන්ත්‍රී ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48