spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියවැඩියාවෙන් තොර සමාජයක් – ගම්පොළින් ඇරඹෙයි

‘දියවැඩියාවෙන් තොර සමාජයක්’ යන්න තේමා කර ගනිමින් ලෝක දියවැඩියා දිනයට සමගාමී ව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ පාගමනක් ගම්පොල නගරයේ දී පැවැත්වුණා.

ගම්පොල නගර සභාව, ගම්පොල ශික්ෂණ රෝහල ,පොලිසිය ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලය, ගම්පල සිංහල වෙළෙඳ පෙරමුණ, ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය, යොවුන් සේනාංකය, ගම්පොල මුස්ලිම් තරුණ සංවිධානය, ගම්පොල මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව ඇතුළු විවිධ සංවිධාන හා වෙළෙඳ ආයතන එක් වෙමිනුයි මෙම පා ගමන පැවැත්වුණේ.

ගම්පොල සිංහ සමාජය මගින් මෙය සංවිධානය කර තිබුණා.

ගම්පොල ශික්ෂණ රෝහල අසලින් ආරම්භ කළ දැනුවත් කිරීමේ පාගමන නගරය තුළ ගමන් කිරීමෙන් අනතුරුව ගම්පොල නගර සභා භූමියට පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එහිදී ව්‍යායාම සැසියක් පවත්වා රැස්ව සිටි පිරිස් හට වීදි නාට්‍යයක් ද රඟ දැක්වුවා.

ගම්පොළ ශික්ෂණ රෝහල හා දිගාසිරි රෝහල එක්ව පැමිණ සිටි සියලු දෙනාගේ රුධිර පරීක්ෂාව නොමිලේ සිදු කළ අතර ඉන් පසුව නගර සභා ශ්‍රවණාගාරයේ දී දැනුවත් කිරීමේ දේශන තුනක් ද පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ගම්පොල උඩ පළාත ප්‍රධාන සංඝනායක රතන විහාරාධිපති බෝවල විමලධම්ම නාහිමි, මුස්ලිම් ආගමික පූජක ජිෆ්රි මවුලවි, ගම්පොල නගර සභා ලේකම් ඩි.ජී.ජයරත්න සිංහාධිපති පන්ථක දාබරේ මහාචාර්ය ආර්.ආර්. වීජේවීර, දිගාසිරි රෝහලේ අධිපති ප්‍රියන්ත අභයකෝන්, හිටපු සිංහාධිපති චේතිය පරණතන්ත්‍රී ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?