අයවැයේ වඩාත් ආකර්ෂණීය යෝජනාව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමයි

මෙවර අයවැයට ඇතුළත් වූ වඩාත් ආකර්ෂණීය යෝජනාව රාජ්‍ය සේවකයන්ට ලබා දුන් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමයි.

වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ දායකත්ව ප්‍රතිශතය ඉහළ නැංවීම, ඉදිරියේ දී වැඩි වන වැට් හා ආනයන බදු හරහා රජය යම් කොටසක් යළි ලබා ගන්නවා.

ඒ අනුව වැටුප් වැඩිවීමේ සැබෑ වටිනාකම කොපමණ දැයි ඔබ දන්නවා ද?

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

අයවැය කතාවට අනුව මෙරට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 13ක්.

ජනාධිපතිවරයා පැවසුවේ 2015 වසරෙන් පසු ඔවුන්ට වැටුප් වැඩි නොවීම සැලකිල්ලට ගෙන මෙවර අයවැයෙන් ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 දක්වා රුපියල් 10,000කින් ඉහළ නංවන බවයි.

ඒ හා සමගාමී ව 730,000ක් වන රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව ද රුපියල් 2,500කින් වැඩි කිරීමට යෝජනා කරනු ලැබුවා.

මෙම වැඩිවීම ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා.

එවන් තත්ත්වයක් තුළ වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුපට රාජ්‍ය සේවකයන්ගේ දායකත්ව මුදල රුපියල් බිලියන 9කින් ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනිමින් වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද සියයට 3කින් ඉහළ නැංවීමත් වැට් අයකරන සීමාව පුළුල් කිරීමත් රජයේ අපේක්ෂාවයි.

ලබන වසරේ සියයට 45කින් ආදායම ඉහළ නංවා ගැනීමට ඉලක්ක තබා ඇති රජය ඉන් සියයට 85ක් ම එකතු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ වැට් සහ ආනයන බදු මගින්.

මේ තුළ භාණ්ඩ හා සේවා මිල ගණන්වල යම් ඉහළ යෑමක් අනිවාර්යෙන්ම අපේක්ෂා කළ හැකියි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට ලැබුණු වැටුප් වැඩිවීමේ සැබෑ වටිනාකම සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12