spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයවැයේ වඩාත් ආකර්ෂණීය යෝජනාව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමයි

මෙවර අයවැයට ඇතුළත් වූ වඩාත් ආකර්ෂණීය යෝජනාව රාජ්‍ය සේවකයන්ට ලබා දුන් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමයි.

වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ දායකත්ව ප්‍රතිශතය ඉහළ නැංවීම, ඉදිරියේ දී වැඩි වන වැට් හා ආනයන බදු හරහා රජය යම් කොටසක් යළි ලබා ගන්නවා.

ඒ අනුව වැටුප් වැඩිවීමේ සැබෑ වටිනාකම කොපමණ දැයි ඔබ දන්නවා ද?

මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

අයවැය කතාවට අනුව මෙරට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 13ක්.

ජනාධිපතිවරයා පැවසුවේ 2015 වසරෙන් පසු ඔවුන්ට වැටුප් වැඩි නොවීම සැලකිල්ලට ගෙන මෙවර අයවැයෙන් ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 දක්වා රුපියල් 10,000කින් ඉහළ නංවන බවයි.

ඒ හා සමගාමී ව 730,000ක් වන රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව ද රුපියල් 2,500කින් වැඩි කිරීමට යෝජනා කරනු ලැබුවා.

මෙම වැඩිවීම ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා.

එවන් තත්ත්වයක් තුළ වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුපට රාජ්‍ය සේවකයන්ගේ දායකත්ව මුදල රුපියල් බිලියන 9කින් ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනිමින් වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද සියයට 3කින් ඉහළ නැංවීමත් වැට් අයකරන සීමාව පුළුල් කිරීමත් රජයේ අපේක්ෂාවයි.

ලබන වසරේ සියයට 45කින් ආදායම ඉහළ නංවා ගැනීමට ඉලක්ක තබා ඇති රජය ඉන් සියයට 85ක් ම එකතු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ වැට් සහ ආනයන බදු මගින්.

මේ තුළ භාණ්ඩ හා සේවා මිල ගණන්වල යම් ඉහළ යෑමක් අනිවාර්යෙන්ම අපේක්ෂා කළ හැකියි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට ලැබුණු වැටුප් වැඩිවීමේ සැබෑ වටිනාකම සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?