දික්ඔය ඇළට වැටී අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර හමුවේ (ඡායාරූප)

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර අද (12) දහවල් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ දික්ඔය – ඔස්බොන් වත්ත ඉහළ කොටසේ පදිංචිව සිටි චන්ද්‍රසේකරන් සුරේෂ් නැමති 28 හැවිරිදි එක්දරු පියෙක්.

මොහු ඊයේ (11) පස්වරුවේ හැටන් නගරයට පැමිණ අධික ලෙස බීමත්ව සිය නිවස වෙත බස් රථයකින් ගමන් කර තිබෙනවා.

අනතුරුව බස් රථයේ බැස ඇති මෙම පුද්ගලයා එම මාර්ගයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජල ටැංකිය වෙත නැඟ සිටිය දී ජල ටැංකියට බැවුමේ පිහිටි දික්ඔය ඇළට ඇද වැටී අතුරුදහන්ව තිබුණා.

අනතුරුව ඔහු සොයා අද (12) උදෑසන සිට හැටන් පොලිසියේ නිලධාරීන් සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

ඒ, අනුවයි අද (12) දහවල් ඔහුගේ සිරුර ඇළේතිබී සොයාගෙන ඇත්තේ.

මෙලෙස සොයාගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

10
02 2
01 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04