AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු දෙකේ දරුවාගේ සිරුර පිහිනුම් තටාකයේ

බෙන්තොට, කෝම්මල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 02ක දරුවෙක් ඊයේ (10) පස්වරුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවා මව්පියන් සමඟ හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති අතර, දරුවා නොමැතිව සිදුකළ සොයාබැලීමේ දී පිහිනුම් තටාකයට වැටී සිටිය දී සොයාගෙන තිබෙනවා.

පසුව දරුවා වහාම බෙන්තොට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, මෘත දේහය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු එය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බෙන්තොට පොලිසිය විසින් සිදුකරන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?