අවුරුදු දෙකේ දරුවාගේ සිරුර පිහිනුම් තටාකයේ

බෙන්තොට, කෝම්මල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 02ක දරුවෙක් ඊයේ (10) පස්වරුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවා මව්පියන් සමඟ හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති අතර, දරුවා නොමැතිව සිදුකළ සොයාබැලීමේ දී පිහිනුම් තටාකයට වැටී සිටිය දී සොයාගෙන තිබෙනවා.

පසුව දරුවා වහාම බෙන්තොට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, මෘත දේහය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු එය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බෙන්තොට පොලිසිය විසින් සිදුකරන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44