දුරකථන භාවිත කරන අයට රජයෙන් විශේෂ දැනුම් දීමක්

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයින් තමන් භාවිතා කරන සිම්පත තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තම ජාතික හැඳූනුම්පත් අංකය යටතේ නිකුත් වී ඇති සිම්පත් පිළිබඳ තමන් දැනුවත්ව සිටිය යුතු බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

#132# ඩයල් කිරීම මගින් තමන් දැනට භාවිත කරන දුරකථන සමාගමට අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

තමන් භාවිත කරන දුරකථන සමාගම හැර වෙනත් දුරකථන සමාගමක තමන්ගේ හැඳුනුම්පත් අංකය යටතේ සිම්පත් තිබේ ද යන්න එම සමාගම්වල පාරිභෝගික අංකය ඇමතීමෙන් දැන ගත හැකියි.

තමන්ගේ හැඳුනුම්පත් යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පතක් ලියාපදිංචි වී ඇත්නම් එම සිම්පත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතුයි.

එසේ සිදු නොකර එම සිම්පත හරහා යම් අවභාවිතාවක් සිදු කළහොත් ඒ සඳහා වගකීම තමන්ට දැරීමට සිදුවන අතර එහි නිරවද්‍යතාවය සනාථ කිරීම සඳහා තමන්ගේ කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදුවනු ඇති.

තමන් භාවිත කරන සිම්පත් මෙතෙක් තමාගේ නමට ලියාපදිංචි ව ීනොමැති නම් තමන් භාවිත කරන සිම්පත අයත් දුරකථන සමාගම හා සම්බන්ධ වී එම සිම්පත ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීප ව්‍යාප්ත ජංගම සේවාවේ ආරම්භක වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ලබන සඳුදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කාලය තුල පැවැත්වීමටයි සංවිධාන කර ඇත්තේ.

TRC 1
TRC 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23