අභාවප්‍රාප්ත වූ ලලිත් කොතලාවල ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

පසුගියදා මරණයට පත්වූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරු කණ්ඩායමක් විසින් නිවාස අඩස්සියේ තබා ගෙන සිටි බවට තොරතුරු ලැබී තිබෙන බව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ මෝසමක් අද කැඳවූ අවස්ථාවේ දීයි පෞද්ගලිකව පෙනී සිටිමින් එම සංගමයේ සභාපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේ.

එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ලලිත් කොතලාවල මහතා මිය යාමට පෙර නීතිඥවරු කණ්ඩායමක් විසින් ඔහුගේ නිවසේ නිවාස අඩස්සියේ තබා ගෙන සිටි බවට තොරතුරු දැනගන්නට ලැබී ඇති බවයි.

ඒ පිළිබඳව සහ තම තැන්පතු පිළිබදව කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුරෙයිරාජා මහතා කියාසිටියේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඕනෑම පුද්ගලයකුට පැමිණෙන ඕනෑම අවස්ථාවක කරුණු දැක්වීමට හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

ඒ සඳහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා අතරමැදි පාර්ශ්වකරුවකු වශයෙන් ඊට අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේ දැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවයි.

ඒ අනුව මෝසමක් ගොනු කොට නිසි අවසරය ලබාගෙන ඊට අදාළව ඉදිරියේ දී කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා ගෝල්ඩන් කී සංගමයේ සභාපතිවරයාට නියෝග කළා. ඉන් අනතුරුව අදාළ පෙත්සම මැයි මස 8 වනදා දක්වා කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28