ඉන්දියාව සහ චීනය වෙනුවෙන් වහාම මහ කොමසාරිස්වරයෙක් පත් කරන්න (ඡායාරූප)

ඉන්දියාව සහ චීනය සඳහා ස්ථිර මහ කොමසාරිස්වරයෙකු හෝ තානාපතිවරයෙකු පත් කිරීම කඩිනම් කිරීමට මැදිහත් වන ලෙස විදෙස් කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මෙම උපදෙස් ලබාදෙනු ලැබූ බවයි.

චීන හා ඉන්දීය කොමසාරිස් හෝ තානාපති ධුර සඳහා ඇති පුරප්පාඩු කඩිනමින් පුරවාලීමට අවශ්‍ය කරන කටයුතු සිදු කරන ලෙසට ද මන්ත්‍රීවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම විශේෂ සාකච්ඡාවට මෙරට සහ ඊජිප්තුවේ ද්විපාර්ශ්වික සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ කාරක සභාවට ස්වේච්ඡාවෙන් සහභාගී වූ බවයි.

ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වන බලවත් රාජ්‍යයන් ද්විත්වයක් වන ඉන්දියාව සහ චීනය සඳහා මෙරට තානාපතිවරුන් පත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදු කරන ලෙස ද කමිටු සභාපතිවරයා දැනුම්දී තිබෙනවා.

2 1
3 1
4 1
5 1
6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43