නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ පූනේහිදීයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබා ගත්තා.

ඩේවිඩ් මාලන් ලකුණු 87යි. බෙන් ස්ටොක් ලකුණු 108ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ද සමගින්.

පන්දු යැවීමේදී Bas de Leede කඩුලු 3ක්, Aryan Dutt සහ Logan van Beek කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 340ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට පන්දුවාර 37යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 179ක් පමණයි. නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 38ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Adil Rashid සහ Moeen Ali කඩුලු 3ක්, David Willey කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

මේ අනුව එංගලන්තය මෙවර තරගාවලියේ තරග 8කට සහභාගී වී ඉන් දෙකක් ජයගෙන ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 7 වන ස්ථානයේයි. නෙදර්ලන්තය තරග 8න් 2ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 10 වන ස්ථානයේ පසුවනවා. තරග 8කින් දෙකක් ජයගෙන සිටින ශ්‍රී ලංකාව පසුවන්නේ 9 වන ස්ථානයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18