Indian Premier League

මැතිව්ස්ගේ දැවී යාමේ සිද්ධිය ගැන හිටපු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක්

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාමේදී විනිසුරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

අදාළ තරගයේ දර්ශනවලට අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැසුමේ පටිය කැඩීමට පෙර නියමිත වේලාවට තම සීමා ඉර අසල (at the crease) සිටි බවටයි දැන් තහවුරු වී ඇත්තේ.

සිද්ධියෙන් පසුව, තරගයේ සිවුවැනි විනිසුරු ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් ප්‍රකාශ කළේ ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැස්ම කැඩී යාමටත් පෙර නියමිත මිනිත්තු 2ක කාල සීමාව තුළ ඔහුගේ පිටියට නොපැමිණි බවයි.

මෙම සිද්ධියේදී විනිසුරුවරුන් සැලකිය යුතු වරදක් සිදු කර ඇති බව දැන් ඔප්පු වී ඇති බැවින්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට බලපෑම් කළේ විනිසුරු මාරයිස් ඉරැස්මස් දැයි විමර්ශනය කරන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින ලෙසට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

ICC සිවුවැනි විනිසුරුගේ ප්‍රකාශයට අනුව ඇන්ජලෝ මැතිව්ස් නියමිත වේලාවට ක්‍රීඩාගාරයට පැමිණ සිටි බව පෙන්වා දීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

Mathews on the Ground
Mathews on the Ground2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34

?