කොටුව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය තවත් කූඨ ලේඛන හදලා

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට කූඨ ලේඛන සකස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව සැකකරුවෙකුට පැනවූ විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට කූඨ ලේඛන සකසා ආගමන විගමන පාලකවරයාට යැවීමේ චෝදනාවටයි එම අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේ.

ඇය එම නඩුවට අමතරව තවත් නඩු දෙකකට ද කූඨ ලේඛන සකසා ඇති බව සඳහන් කළ පොලිසිය ඊට තවත් අයෙකුගේ උදව් ලැබී ඇති බව ද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

අධිකරණ නිවාඩු දිනවල මෙම කූඨ ලේඛන ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ෆැක්ස් මගින් යවා ඇති බවයි හෙළිවී ඇත්තේ.

මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නොසිටින බැවින් නීතිඥ සහායක් ගෙන ලිපි සකස් කළ යුතු බව පවසා ඇය මුදල් ඉල්ලා ඇති බව ද පොලිසිය පැවසුවා.

මීට උදව් කර ඇති අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.

සැකකාරිය සහ සැකකරුගේ ජංගම දුරකතනවල ඡායාරූප සහ කෙටි පණිවුඩ මකාදමා ඇති බැවින් ඒවා යළි ලබා ගැනීමට කළ ඉල්ලීමට ද අධිකරණයෙන් අවසරය හිමිවුණා.

අදා‍ළ සැකකාරිය සහ නඩුගොනු අස්ථානගත කළ බව කියන සැකකරු ඇතුලු දෙදෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21