මරණ දණ්ඩනය නියම වූ එමිල් රංජන් ළමාහේවාට අධිකරණයෙන් නියෝගයක්

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන 15 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය අද බන්ධනාගාර බලධාරීන්ට නියම කළේ.

තමන්ට පනවා තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන් ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෙම අභියාචනා පෙත්සම අද විජිත් මළල්ගොඩ, එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකාර හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය සඳහා බන්ධනාගාරගත ව සිටින සිය සේවාදායකයා අධිකරණය හමුවට කැඳවා ඔහු ඉදිරියේ මෙම විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අභියාචනා විභාගය ලබන 15 වනදා දක්වා කල් දැමූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින විත්තිකාර අභියාචක එමිල් රංජන් ළමාහේවා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.

2012 වසරේ නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලකින් “කොණ්ඩ අමිල” නමැති සිරකරුවකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළා.

තමාට එම දඬුවම නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන් ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් විත්තිකරු විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
1
+1
1
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01