අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නව පනත් කෙටුම්පතක්

අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා තිබෙනවා. ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදි රැස්වූ අවස්ථාවේදීයි.

අධිකරණයට අපහාස කිරීමේ නඩු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ භාවිත වන පරිචයන් බොහෝ අවස්ථාවල දැඩි විවේචනයට ලක්ව ඇති අතරම මෙම නීතිමය කරුණු අදහස් ප්‍රකාශනයේ නිදහසටද බලපෑමක් ඇති කරන බවට ද අදහස් මතුව තිබෙන බව කමිටුවේදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරද විවිධ අවස්ථානුගත තත්ත්වයන් යටතේ හඳුනා ගතහැකි නිසා අධිකරණ නියෝග, තීන්දු ප්‍රකාශ සහ විනිශ්චයන් බලාත්මක කිරිම සම්බන්ධ නඩුවලදී පවා මෙය අදාළ කර ගත හැකි පැහැදිලි විධිවිධාන වත්මන් නීතිය තුළ අන්තර්ගත නොවන බැවින් මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර අති බවටයි මෙහිදී සඳහන් කෙරුණේ.

මෙයට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා (101අධිකාරය) සංශෝධනය (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය) පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙරට යුක්තිය බලපා ඇති නොවිසඳුණු අකාර්යක්ෂමතාවයන් සහ ගැටළු විසඳීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය තුළ පූර්ව නඩු විභාගයට අදාළ දැනට පවතින ක්‍රියා පටිපාටිය සමාලෝචනය කිරීම පිණිස පත් කරන ලද කමිටු නිර්දේශයන්ට අනුකූලව මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා. මෙහිදී යෝජිත සංශෝධන මගින් සාක්ෂි සහ ලේඛන ලැයිස්තුව ගොනු කිරීම, විචාරණ භාරදීම, පිළිගැනීම් වාර්තා කිරිමේ ක්‍රමය, ලේඛන හුවමාරු කිරීම සහ 1995 අංක 14 දරන ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත පිළිගැනීම ආදියට අදාළ පෙර පැවති නීතියේ දුර්වලතා මගහරවා ගැනීමට අපේක්ෂිත බව මෙහිදි අවධාරණය වී තිබෙනවා.

එමෙන්ම 2023.09.15 දින සිට ක්‍රියාත්මක කරන ලද 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ සිංහල සහ ඉංශ්‍රීසි පාඨයේ ඇතැම් වැරදි පාරිභාසික වචන සහ ඒවාට ඉදිරිපත් කරන ලද සංශෝධන පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වුණා.

මේ අතර, අදාළ පනත් කෙට්ම්පත් තුන සම්බන්ධව අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ද දීර්ඝවශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03