තැපැල්පතිගේ අණ නො තකා සේවකයෝ වර්ජනයේ

තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස තිබෙනවා.

ඒ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සේවකයින්ගේ නිවාඩු සියල්ල ම අවලංගු කර ඇති පසුබිමකයි.

නොවැම්බර් 8,9,10 දින තෙදින තුළ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ දී නිවේදනය කළේ.

නමුත් මෙම සියලු නියෝග පසෙකලා තැපැල් සේවකයෝ සිය වර්ජනය ආරම්භ කර තිබෙනවා.

මෙම වර්ජනයට හේතුව වී ඇත්තේ වත්මන් රජය තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට දරන උත්සාහයට එරෙහිවයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය සිදු කරනු ලබනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ‍, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

එය වහාම ආණ්ඩුව හකුළාගත යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර නිවේදනය කළේ, තැපැල් දෙපාර්තමේන්තුව සතු කිසිදු තැපැල් කාර්යාලයක් වසා දැමීමට කටයුතු නොකරන බවත්, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල රජයේ ප්‍රතිපත්තිය අනුව වඩාත් ඵලදායි ආයෝජන අවස්ථාවකට ඉඩදීම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදීමට එකඟත්වය ජනාධිපති ලේකම් වෙත දන්වා ඇති බවයි.

ඒ වෙනුවෙන් නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යෑමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පොරොන්දු වී තිබෙන බවත් වාර්තා වනවා.

WhatsApp Image 2023 11 07 at 18.37.47
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?