නිධන් හාරන්න ගිය පිරිසකට වුණු දේ

ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරූ බව කියන පුද්ගලයන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ඉඩමක නිධන් හාරන බවට ලැබුණු තොරතුරක් මතයි පොලිසිය වැටලීම සිදුකර තිබුණේ.

එහිදී නිධන් හෑරීමට යොදාගෙන තිබූ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා.

ඒ අතර, පූජා භාණ්ඩද තිබෙනවා.

සැකකරුවන් පැමිණි බව කියන වෑන් රථයක් සහ යතුරුපැදි කිහිපයක් ද පොලිස් භාරයට ගැණුනා.

ආණමඩුව පොලිසිය පැවසුවේ සැකකරුවන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි.

මේ අතර, නිට්ටඹුව, වතුපිටිවල හා අත්තනගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාසවලට ඇතුලුවී භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

දිවා කාලයේ යතුරුපැදියකින් ප්‍රදේශයේ සැරිසරා කිසිවෙකුත් නොමැති නිවාසවලට ඇතුලුවී මොවුන් භාණ්ඩ සොරා ගැනීමේ නිරතව තිබෙනවා.

ප්‍රධාන සැකකරු කපුටා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන වතුපිටිවල උණගහදෙණිය ප්‍රදේශයේ පදිංචි දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයෙක්.

සැකකරුවන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25