එමිල් රංජන් ළමාහේවා ගොනුකළ අභියාචනය 08 වනදා විභාගයට

වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය ලබා සිටින තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා විසින් ඉදිරිපත් කළ අභියාචනය මේ මස 08 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නිවේදනය කළේ අදාළ අභියාචනා පෙත්සම මේ මස 08 වනදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවයි.

2012 වසරේ නොවැම්බර් මස 10 වන දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අටදෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

තමන්ට එම මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32