බංග්ලාදේශ තරගයට අලුතින් සූදානම් වීමක් අවශ්‍ය නෑ – කුසල් මෙන්ඩිස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (06) බංග්ලාදේශය සමඟ පැවැත්වෙනවා.

නවදිල්ලි නුවර දී පැවැත්වෙන මෙම තරගය සඳහා මේවන විටත් අහිතකර වායු තත්ත්වය බලපා ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල නවදිල්ලි නුවරට පවතින වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03) දිනයේ පෙර පුහුණුවීම් සඳහා එක් නොවූ බවයි නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

තරගයට පෙර අද (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙන්ඩිස් මේ බව සඳහන් කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් සඳහන් කළේ බංග්ලාදේශය සමඟ මීට පෙර තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩාකර තිබීම හේතුවෙන් මෙම තරගය සඳහා අලුතින් සූදානම් වීමක් අවශ්‍ය නොවන බවයි.

මෙම මාධ්‍ය හමුවේ දී විදෙස් මාධ්‍යවේදියෙක් මෙන්ඩිස්ගෙන් විමසා සිටියේ විරාට් කෝලි අද රැස්කළ ඔහුගේ 49 වන එක්දින ශතකය වෙනුවෙන් සුබ පැතුම් එක්කරනවා ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් “ඇයි මට ඔහුට සුබ පතන්න ඕන” යනුවෙන් මෙන්ඩිස් මෙහිදී පැවසුවා.

මේ අතර ඉන්දියාව සමඟ නිමා වූ තරගය දරුණු ලෙස පරාජයවීමෙන් පසු මැදියම් රාත්‍රිය වනතෙක් ක්‍රීඩක විවේකාගාරය තුළ දී කණ්ඩායම් උපදේශක මහේල ජයවර්ධන ඇතුළු පිරිස සාකච්ඡා කළ කරුණු කුමක් ද යන්න පිළිබඳව ද මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී මෙන්ඩිස් පැවසුවේ ඉදිරියේ දී කළ යුතු දේ සහ එම තරගයේ දී සිදුවූ අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කළ බවත් ඇතැම් කාරණා මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කිරීමට අපහසු බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ක්‍රීඩාකර ඇති ආකාරය දෙස බලන විට ඉදිරි ලෝක කුසලානයක දී අවසන් මහා තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට හැකිවෙතැයි විශ්වාසයක් තමන්ට පවතින බව ද මෙහි දී මෙන්ඩිස් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
76
+1
5
+1
11
+1
4
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12