spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ තරගයට අලුතින් සූදානම් වීමක් අවශ්‍ය නෑ – කුසල් මෙන්ඩිස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය හෙට (06) බංග්ලාදේශය සමඟ පැවැත්වෙනවා.

නවදිල්ලි නුවර දී පැවැත්වෙන මෙම තරගය සඳහා මේවන විටත් අහිතකර වායු තත්ත්වය බලපා ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල නවදිල්ලි නුවරට පවතින වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03) දිනයේ පෙර පුහුණුවීම් සඳහා එක් නොවූ බවයි නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.

තරගයට පෙර අද (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙන්ඩිස් මේ බව සඳහන් කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් සඳහන් කළේ බංග්ලාදේශය සමඟ මීට පෙර තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩාකර තිබීම හේතුවෙන් මෙම තරගය සඳහා අලුතින් සූදානම් වීමක් අවශ්‍ය නොවන බවයි.

මෙම මාධ්‍ය හමුවේ දී විදෙස් මාධ්‍යවේදියෙක් මෙන්ඩිස්ගෙන් විමසා සිටියේ විරාට් කෝලි අද රැස්කළ ඔහුගේ 49 වන එක්දින ශතකය වෙනුවෙන් සුබ පැතුම් එක්කරනවා ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් “ඇයි මට ඔහුට සුබ පතන්න ඕන” යනුවෙන් මෙන්ඩිස් මෙහිදී පැවසුවා.

මේ අතර ඉන්දියාව සමඟ නිමා වූ තරගය දරුණු ලෙස පරාජයවීමෙන් පසු මැදියම් රාත්‍රිය වනතෙක් ක්‍රීඩක විවේකාගාරය තුළ දී කණ්ඩායම් උපදේශක මහේල ජයවර්ධන ඇතුළු පිරිස සාකච්ඡා කළ කරුණු කුමක් ද යන්න පිළිබඳව ද මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී මෙන්ඩිස් පැවසුවේ ඉදිරියේ දී කළ යුතු දේ සහ එම තරගයේ දී සිදුවූ අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කළ බවත් ඇතැම් කාරණා මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කිරීමට අපහසු බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ක්‍රීඩාකර ඇති ආකාරය දෙස බලන විට ඉදිරි ලෝක කුසලානයක දී අවසන් මහා තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට හැකිවෙතැයි විශ්වාසයක් තමන්ට පවතින බව ද මෙහි දී මෙන්ඩිස් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
76
+1
5
+1
11
+1
4
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?