AFC Banner
Empty Ad
Empty Ad

වැල්ලවත්ත මුහුදේ නාඳුනන තරුණ මළ සිරුරක්

වැල්ලවත්ත මුහුදු පාරේ ආපන ශාලාවක් ඉදිරිපිට මුහුදු තීරයේ තිබී නාඳුනන තරුණයෙකුගේ මළ සිරුරක් අද අලුයම හමුවූ බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.

මියගොස් ඇති තරුණයාවයස අවුරුදු 28ක් පමණ වන අයෙක් බවටයි සැක කෙරෙන්නේ.

ඔහු නිල් පැහැති කලිසමක් පමණක් හැඳ සිටින අතර වම් පාදයේ පමණක් පටි සහිත සෙරෙප්පුවක් දක්නට ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

මෙම තරුණයා හැඳ සිටි කලිසම් සාක්කුවේ තිබී මුදල් පසුම්බියක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් හමුවී ඇති අතර එහි මානිප්පායි ප්‍රදේශයේ ලිපිනයක් දැක්වෙන බව සඳහන්.

මළ සිරුර පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර එම තිබෙන ස්ථානයට මහේස්ත්‍රාත්වරයා කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?