දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුලු 3ක් ජීවිතක්ෂයට

ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

ඊයේ (04) උදෑසන මදුරන්කුලිය පාසල අසල නිවසක පදිංචිව සිටි දැරියක් එම නිවස අසල ඇලකට වැටීමෙන් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ අවුරුදු 1යි මාස 2ක් වයසැති දැරියක්.

නිවසට අඩි 20ක පමණ දුරියන් මෙම ඇල මාර්ගය පිහිටා ඇති අතර වර්ෂාව හේතුවෙන් එහි ජලය පිරී තිබූ බව සඳහන්.

දැරිය නිවසේ නොමැති බවට අනාවරණ වීමෙන් පසු කළ සොයා බැලීමේදීයි නිවසට මීටර් 100ක පමණ දුරින් ඇලේ සිටියදී හමුවී ඇත්තේ.

පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දැරිය මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර අරලගංවිල 5 කණුව ප්‍රදේශයේ ඩි ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ඇලේ මළ සිරුරක් පාවෙන බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිස් විමර්ශන ආරම්භකර ඇත්තේ.

මියගොස් ඇති පුද්ගලයා මැදගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක්. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාරදී තිබෙනවා.

මේ අතර,රාජාංගනය ව්‍යාපාරයේ ඇලකට වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල පදිංචිව සිටි 42 හැවිරිදි අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37