spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුලු 3ක් ජීවිතක්ෂයට

ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලීමෙන් කුඩා දැරියක් ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

ඊයේ (04) උදෑසන මදුරන්කුලිය පාසල අසල නිවසක පදිංචිව සිටි දැරියක් එම නිවස අසල ඇලකට වැටීමෙන් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ අවුරුදු 1යි මාස 2ක් වයසැති දැරියක්.

නිවසට අඩි 20ක පමණ දුරියන් මෙම ඇල මාර්ගය පිහිටා ඇති අතර වර්ෂාව හේතුවෙන් එහි ජලය පිරී තිබූ බව සඳහන්.

දැරිය නිවසේ නොමැති බවට අනාවරණ වීමෙන් පසු කළ සොයා බැලීමේදීයි නිවසට මීටර් 100ක පමණ දුරින් ඇලේ සිටියදී හමුවී ඇත්තේ.

පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී කුඩා දැරිය මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර අරලගංවිල 5 කණුව ප්‍රදේශයේ ඩි ඇලේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ඇලේ මළ සිරුරක් පාවෙන බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිස් විමර්ශන ආරම්භකර ඇත්තේ.

මියගොස් ඇති පුද්ගලයා මැදගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක්. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාරදී තිබෙනවා.

මේ අතර,රාජාංගනය ව්‍යාපාරයේ ඇලකට වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල පදිංචිව සිටි 42 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?