ලෝක කුසලානයේ දී ප්‍රතිවාදීන්ට පන්දු යවන්න ඉන්දියාවට වෙනම ම පන්දුවක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රතිවාදීන් වෙනුවෙන් ඉන්දියාව වෙනත් පන්දුවක් භාවිත කරනවා ද යන්න පිළිබඳව සැකයක් පවතින බව හිටපු පාකිස්ථාන ක්‍රීඩක හසන් රාසා පවසනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී ඉන්දීය පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ලකුණු 55 කට සුනු විසුනුකර දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්ථාන ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ ඔහු මේ බව පවසා තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ අනෙකුත් කණ්ඩායම්වලට වඩා හොඳින් පන්දු යැවීමට ඉන්දියාවට වෙනස් පන්දුවක් ලබාදෙන බවයි.

”මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ්ගේ පන්දු යැවීම දෙස බලන විට දකුණු අප්‍රිකාවේ ඇලන් ඩොනල්ඩ් සහ මකායාන්ටිනි වැනි ක්‍රීඩකයින් එරටදී පන්දු යැවූ ආකාරය සිහිපත් වනවා. පන්දුව එක් පැත්තක් දිලිසෙන අතර අනෙක් පැත්ත රළුයි. එය රිවර්ස් සහ දෝලනය වීමට ඉඩ සලසනවා. එහෙත් මට හැඟෙන්නේ මෙහිදී පන්දුව හැසිරෙන ආකාරය අනුව ඉනිම මැද දී වෙනසක් වන බවයි.”

ඉන්දියාවට අමතර ඔප දැමීමේ තට්ටුවක් සහිත පන්දුවක් ලැබෙන බව පවසන හසන් රාසා, එමඟින් අනෙක් පන්දු යවන්නන්ට වඩා සාපේක්ෂව ඉන්දීය පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීමට සහ හැරවීමට ඉඩ සැලසෙන බවයි පවසන්නේ.

ඔහුගේ අදහස වී ඇත්තේ අමතර පොලිෂ් තට්ටුව හෝ ආලේපනය පරීක්ෂා කළ යුතු බවටයි.

පන්දු ලබා දෙන්නේ ICC, විනිසුරු මඩුල්ල, හෝ BCCI වුව ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හසන් රාසා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
53
+1
42
+1
66
+1
71
+1
54
+1
22
+1
24
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21