AFC Banner
Empty Ad
Empty Ad

ජනපති රැගත් හෙලිකොප්ටරය හදිසි ගොඩ බෑමක (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය සහ ඒ සමග ගිය තවත් හෙලිකොප්ටර් යානයක් අද පස්වරුවේ දී හදිසියේම වැල්ලවාය බුදුරුවාගල පාසලේ ක්‍රීඩාංගණය වෙත ගොඩ බස්සවා තිබෙනවා.

වැලිමඩ ප්‍රදේශය දක්වා ගමන් කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය තත්ත්වය මත ගුවනින් ගමන් කිරීමට නොහැකි වීම හේතුවෙනුයි හදිසියේ මෙම ගොඩ බැස්සවීම සිදු කර ඇත්තේ.

නොසිතූ මොහොතක සිදු වූ හෙලිකොප්ටර් ගොඩ බැස්සවීම පාසලේ සිටි පිරිසට ද අපූරු අත්දැකීමක් වූ අතර පසුව වෙනත් වාහනයක් ගෙන්වාගෙන ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

එම වාහනය පැමිණෙන තෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුදුරුවාගල විද්‍යාලයේ රැඳී සිටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
11
+1
3
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?