පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ තරුණියක් ජීවිතක්ෂයට (වීඩියෝ)

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදි පිළි අලෙවි සැලක හටගත් ගින්නෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති අතර ඇය අදාළ වෙළඳසැලේ සේවිකාවක් ලෙසට කටයුතු කළ අයෙක්.

පසුගිය 27 වනදා අදාළ රෙදි පිළි වෙළඳසැලේ ගින්න හටගත් අතර එහිදී තුවාල ලැබූ සහ දුම ආඝ්‍රහණයෙන් විවිධ ආසාත්මිකතාවලට ලක්වූ 19 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ වටගොඩ වත්තේ පහළ කොටසේ පදිංචිව සිටි තරුණියක්.

පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසරකට පමණ පෙර තම දියණිය අදාළ රෙදිපිලි අලෙවිසැලේ සේවයට ගිය බවත්, ඇයට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු සිටින බවයි පවුලේ ඥාතින් කියා සිටියේ.

තම මවගේ සහ පියාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනිමට සහ ඔවුන්ට ජීවත් විමට අවශ්‍ය මුදල් මාසිකව මියගිය තරුණිය විසින් එවු බව ද සඳහන්. මීට මාස 4කට පමණ පෙර ඇය අවසන් වරට නිවසට පැමිණි බව ද මෙම තරුණියගේ ඥාතින් සඳහන් කළා.

වටගොඩ දමිළ මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති තරුණිය තම අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොලැබීම හේතුවෙන් මෙලෙස රෙදි පිලි අලෙවිසැලක සේවයට ගිය බවයි ඔවුන් කියා සිටියේ.

මියගිය තරුණියගේ සිරුර අද රාත්‍රි නිවසට රැගෙන එන අතර ලබන 05 වනදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18