spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ තරුණියක් ජීවිතක්ෂයට (වීඩියෝ)

පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදි පිළි අලෙවි සැලක හටගත් ගින්නෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති අතර ඇය අදාළ වෙළඳසැලේ සේවිකාවක් ලෙසට කටයුතු කළ අයෙක්.

පසුගිය 27 වනදා අදාළ රෙදි පිළි වෙළඳසැලේ ගින්න හටගත් අතර එහිදී තුවාල ලැබූ සහ දුම ආඝ්‍රහණයෙන් විවිධ ආසාත්මිකතාවලට ලක්වූ 19 දෙනෙකු රෝහල් ගත කෙරුණා.

ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ වටගොඩ වත්තේ පහළ කොටසේ පදිංචිව සිටි තරුණියක්.

පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් මීට වසරකට පමණ පෙර තම දියණිය අදාළ රෙදිපිලි අලෙවිසැලේ සේවයට ගිය බවත්, ඇයට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකු සිටින බවයි පවුලේ ඥාතින් කියා සිටියේ.

තම මවගේ සහ පියාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනිමට සහ ඔවුන්ට ජීවත් විමට අවශ්‍ය මුදල් මාසිකව මියගිය තරුණිය විසින් එවු බව ද සඳහන්. මීට මාස 4කට පමණ පෙර ඇය අවසන් වරට නිවසට පැමිණි බව ද මෙම තරුණියගේ ඥාතින් සඳහන් කළා.

වටගොඩ දමිළ මහා විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති තරුණිය තම අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොලැබීම හේතුවෙන් මෙලෙස රෙදි පිලි අලෙවිසැලක සේවයට ගිය බවයි ඔවුන් කියා සිටියේ.

මියගිය තරුණියගේ සිරුර අද රාත්‍රි නිවසට රැගෙන එන අතර ලබන 05 වනදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
27
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?