අනතුරට පත් බස් රථයේ තිබු සටහනක්

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී පසුගිය දා ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ගොඩට ගැනීම තාවකාලිකව නවතා දමා තිබේ.

ඊයේ (22) සවස වන විට එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම කටයුත්ත නවතා දැමු අතර බස් රථයේ හිමිකරුවන් විසින් බසය ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූව ද අඩි 250ක පමණ ප්‍රපාතයේ සිරවී ඇති බස් රථය ගොඩ ගැනීම අසීරු කර්තවයක් වී තිබේ.

පසුගිය මාර්තු මස 20 වන දින උදෑසන කොළඹ සිට ලුණුගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසලදී අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවුණි. අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුට ජීවිත අහිමි වී තවත් 33දෙනෙකුට තුවාල සිදුවිය. බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩලබාදීමට යාමේදී අනතුර සිදුව තිබුණි. මේ අතර ප්‍රපාතයට පත් බස් රථයේ පිටුපස සඳහන් කර තිබු වැකියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු දක්නට ලැබුණි.

එහි සඳහන් ව ඇත්තේ, “ඇදේට යන මිනිස්සු ලඹේට බලනවා අපි යන්නේ, කෙලින් ද කියලා“ ලෙසය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43