Empty Ad
AFC Banner
Empty Ad

මානුෂීය විරාමයන් සඳහා එකඟ වන්න – අමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලයි

යුද ගැටුම් උත්සන්න ව පවතින ගාසා තීරයේ හැකි ඉක්මනින් මානුෂීය සටන් විරාමයන් සඳහා එකඟ වන ලෙආ අමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊශ්‍රායලයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ව යුද්ධයේ බහුවිධ විරාමයන්ට එකඟ වෙමින්, වහාම අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිතවලට හානි පැමිණවීම නවත්වන ලෙසටත් ඊශ්‍රායලයෙන් අමෙරිකාව ඉල්ලා සිටිනවා.

මානුෂීයා ආධාර පිණිස ගාසා තීරයට ඇතුල්වීම සඳහා මෙන් ම, සිවිල් වැසියන්ට ආරක්ෂිත ව එම තීරයෙන් ඉවත් වීමට ද අවශ්‍ය කරන වැඩපිළිවෙළක් සූදානම් කරන ලෙසට ද අමෙරිකාව ඉල්ලා තිබෙනවා.

පසුගියදා ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයේ විශාලතම ප්‍රදේශය වන ගාසා තීරය යටත් කරගැනීමත් සමග එහි දරුණු යුද ගැටුම් ඇතිවෙමින් තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

හමාස්-ඊශ්‍රායල් ගැටුම එහි සිව්වන සතිය අවසානයට ආසන්න වීමත් සමග, අමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් එක් මසකට දෙවරක් සටහන් වන ලෙසට අද දිනයේ දී යළිත් ඊශ්‍රායලයට යාමට නියමිත ව තිබෙනවා.

ඒ යුද ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුණගැසීම සඳහා යි.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් ගාසා නගරය, මුහුදු වෙරළේ ප්‍රධාන නගරය සහ ඉස්ලාමීය කණ්ඩායම සමූල ඝාතනය කිරීමේ ඊශ්‍රායලයේ ප්‍රයත්නයේ කේන්ද්‍රස්ථානය වන ගාසා නගරය වට කළ බවයි.

හමාස් සටන්කාමීන් ප්‍රතිප්‍රහාර එල්ල කළේ භූගත උමං මාර්ගවලින් එල්ල කළ ප්‍රහාරවලින් පමණක් බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?