මානුෂීය විරාමයන් සඳහා එකඟ වන්න – අමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලයි

යුද ගැටුම් උත්සන්න ව පවතින ගාසා තීරයේ හැකි ඉක්මනින් මානුෂීය සටන් විරාමයන් සඳහා එකඟ වන ලෙආ අමෙරිකාව ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊශ්‍රායලයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ව යුද්ධයේ බහුවිධ විරාමයන්ට එකඟ වෙමින්, වහාම අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිතවලට හානි පැමිණවීම නවත්වන ලෙසටත් ඊශ්‍රායලයෙන් අමෙරිකාව ඉල්ලා සිටිනවා.

මානුෂීයා ආධාර පිණිස ගාසා තීරයට ඇතුල්වීම සඳහා මෙන් ම, සිවිල් වැසියන්ට ආරක්ෂිත ව එම තීරයෙන් ඉවත් වීමට ද අවශ්‍ය කරන වැඩපිළිවෙළක් සූදානම් කරන ලෙසට ද අමෙරිකාව ඉල්ලා තිබෙනවා.

පසුගියදා ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනයේ විශාලතම ප්‍රදේශය වන ගාසා තීරය යටත් කරගැනීමත් සමග එහි දරුණු යුද ගැටුම් ඇතිවෙමින් තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

හමාස්-ඊශ්‍රායල් ගැටුම එහි සිව්වන සතිය අවසානයට ආසන්න වීමත් සමග, අමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් එක් මසකට දෙවරක් සටහන් වන ලෙසට අද දිනයේ දී යළිත් ඊශ්‍රායලයට යාමට නියමිත ව තිබෙනවා.

ඒ යුද ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුණගැසීම සඳහා යි.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් ගාසා නගරය, මුහුදු වෙරළේ ප්‍රධාන නගරය සහ ඉස්ලාමීය කණ්ඩායම සමූල ඝාතනය කිරීමේ ඊශ්‍රායලයේ ප්‍රයත්නයේ කේන්ද්‍රස්ථානය වන ගාසා නගරය වට කළ බවයි.

හමාස් සටන්කාමීන් ප්‍රතිප්‍රහාර එල්ල කළේ භූගත උමං මාර්ගවලින් එල්ල කළ ප්‍රහාරවලින් පමණක් බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14