අදත් රජයේ රෝහල් ලෙඩ වෙයි

දිවයින පුරා පළාත් මට්ටමින් ආරම්භ කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෘත්තීය පාර්ශ්වයන්ගේ විරෝධතාව අද දිනටත් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේදීත් උතුරු පළාතේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණේ ඌව පළාතේ පිහිටි සියලු ම රජයේ රෝහල්වලයි.

සංකේතාත්මක වැඩ වර්ජනයක් ලෙසින් ක්‍රියාත්මක කෙරුණු මෙය; අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ලෙසට පැවැත්වීමටයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබෙනවා.

රටේ මේ වනවිට දැඩි ආර්ථික අර්බුද ව ඇති බදු බර, විදුලි බිල ඉහළ යාම, සෞඛ්‍ය ගැටලු ආදිය මුල් කරගනිමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21