spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදත් රජයේ රෝහල් ලෙඩ වෙයි

දිවයින පුරා පළාත් මට්ටමින් ආරම්භ කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෘත්තීය පාර්ශ්වයන්ගේ විරෝධතාව අද දිනටත් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේදීත් උතුරු පළාතේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී මෙම වැඩ වර්ජනය ආරම්භ කෙරුණේ ඌව පළාතේ පිහිටි සියලු ම රජයේ රෝහල්වලයි.

සංකේතාත්මක වැඩ වර්ජනයක් ලෙසින් ක්‍රියාත්මක කෙරුණු මෙය; අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ලෙසට පැවැත්වීමටයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබෙනවා.

රටේ මේ වනවිට දැඩි ආර්ථික අර්බුද ව ඇති බදු බර, විදුලි බිල ඉහළ යාම, සෞඛ්‍ය ගැටලු ආදිය මුල් කරගනිමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?