AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 92කින් ලකුණු 92ක් ලබා සිටියදී දිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඔහුගේ ලකුණු 92ට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා.

විරාත් කෝලි ලකුණු 88යි. ඔහුගේ ලකුණු 88ට හතරේ පහර 11ක් ඇතුලත්.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 82යි. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක කඩුලු 5ක් බිඳහෙලුවා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?