ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන අතර ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි ඊයේ (01) පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින්.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

එහිදී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර මෙන්ම විවිධ ක්ෂේත්‍රවලදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් මෙවර අය වැයේදී අවධානය යොමු කරන ලෙසටයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කරන අතර ඉදිරියේදී එම එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ද මෙහිදී පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?