ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන අතර ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි ඊයේ (01) පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමින්.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

එහිදී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර මෙන්ම විවිධ ක්ෂේත්‍රවලදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් මෙවර අය වැයේදී අවධානය යොමු කරන ලෙසටයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කරන අතර ඉදිරියේදී එම එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ද මෙහිදී පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24