මාවනැල්ල බුදු පිළිම කඩන්න අසාද් සාලි අනුබල දීලා – සි අයි ඩි ය උසාවියට දන්වයි

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකාර අසාද් සාලි යන අය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදුකර ඇති බව ට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපත්‍යයට හානිවන අන්දමින් මහජනයා අතර අනාදරය ඇති කිරීම සහ කණ්ඩායම් වශයෙන් රජයට එරෙහිව යුද්ධ කිරීම සඳහා අන්තවාදීන්ට ආධාර අනුබල දීම යන වැරදි සිදුකර ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30