බාල වයස්කරුවෙකුගේ අතින් බාලවයස්කාරිනියක් ලිංගික අපයෝජනයට

බාල වයස්කාරුවෙකු විසින් බාලවයස්කාරිනියක් දූෂණය කිරීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම ඛේදනීය පුවත වාර්තා වී ඇත්තේ කුරුණෑගල – කොහිලගෙදර ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 15ක් වන බාලවයස්කාරිනිය ව 17 හැවිරිදි බාලවයස්කරුවෙකු විසින් ඇයගේ නිවසට ම පැමිණ කිහිපවරක් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම බාලවයස්කරු නිරන්තරයෙන් ම ඇයගේ නිවසට පැමිණ ඇති බවත්, නිවසෙහි වැඩිහිටියන් නොමැති අවස්ථාවේ දී, 15 හැවිරිදි දැරිය ව බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළි ව ඇති බවයි.

ලිංගික අපයෝජනයට ලක් වූ තැනැත්තිය නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන ‘කසිප්පු’ පානයට ඇබ්බැහි වී ඇති අයෙක් බවත්, ඇයගේ නැන්දණිය ද, මත්ද්‍රව්‍ය පානය කරන්නියක් බවත්, ඒ හේතුවෙන් එම බාලවයස්කාර දැරිය මත්ද්‍රව්‍යයට යොමු ව ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි ව තිබෙනවා.

දැරිවිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත්; බාලවයස්කරු ව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

මෙම සිදුවීමේ වැඩිදුර විමර්ශන හුනාන් කාන්තා කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.

බාලවයස්කරුගේ මෙම ක්‍රියාකාරකම් දැරියගේ නිවසේ විසූ අත්තම්මා සහ ඇයගේ අක්කා දැකීමෙන් පසු
ඔහු නිර්වස්ත්‍රව ඇඳ සිටි ඇඳුම් ද දමා දිවගොස් තිබෙනවා.

කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් එම ඇඳුම් ස්ථාන පරීක්ෂාවේ දී විමර්ශන සඳහා ලබාගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
3
+1
5
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01