ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
මෙම තරගය පැවැත්වෙන්නේ පූනේ හි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දීයි.
ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා කණ්ඩායමට කැඳවා ඇති අතර, ආරම්භක පිතිකරුවෙකු වශයෙන් දිමුත් කරුණාරත්න ද අද තරගය සඳහා එක්වන බවයි නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ.
අද තරගය වෙනුවෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම,
පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, මහේෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක














UN GON UNA. DA ITHIN HATHARA WATETAMA NELAPALLA 400 WITHARA. ITA PASSE UNGE INIMA KUDU KAAPALLA APE KOLLO DAMMALA. LAST MATCH EKA SUPIRI. CATCH DEKAK WITHARA MISS KALATA TOUGH FIELDING THIBUNA KALEKATA PASSE. OKUNG HENA OLUWA. AYE DUWANNAMA DEEPALLA.