අපනයන විවිධාංගිකරණය කිරීමෙන් තොරව රට ආර්ථික වශයෙන් ගොඩඒමක් නැහැ – බන්දුල

අපනයන විවිධාංගිකරණය කිරීමෙන් තොරව සාම්ප්‍රදායික දේශපාලනයට දෙස් දෙවොල් තබමින් සිටීමෙන් රට ආර්ථික වශයෙන් නඟා සිටුවීමට හැකියාවක් නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකා මුද්‍රණ කරුවන්ගේ සංගමය සංවිධානය කරන ලද 2023 ජාතික මුද්‍රණ සම්මාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන,

“නිදහසින් පසු අපේ රට මුහුණ දෙන දරුණුම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 8% ආපස්සට ගමන් කළා. සෑම කර්මාන්තයකටම, සෑම ව්‍යාපාරයකටම සෑම නිෂ්පාදන ක්ෂේත්‍රයකටම තදින් බලපෑම් ඇති කරමින් කඩා වැටීමක් සිදු වුණා. කවුරුන් විසින් කවර ආකාරයේ දේශපාලන ප්‍රකාශයන් සිදු කළත් විෂයානුබද්ධ ප්‍රාමාණිකයන් ලෙස මේ තත්ත්වයට හේතු වූ කරුණු පිළිබඳව අපට නිවැරදි අවබෝධ තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ රටට ඔරොත්තු නොදෙන තරමේ අයවැය පරතරයක් පැවතීම හේතුවෙන් විශාල පීඩනයක් ගෙන දෙන ණය උගුලක හිර වීමට අපට සිදුව තිබෙනවා. එමෙන්ම ගෙවුම් ශේෂය පවතින හිඟය හේතුවෙන් දරුණු ආර්ථික අගාධයකට රට පත්ව තිබෙනවා.
මේ සියලු තත්ත්වයන් හමුවේ මුද්‍රණ කර්මාන්තයට ද අති විශාල බලපෑමක් සිදු වුණා. කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය තීන්ත, කඩදාසි, යන්ත්‍රෝපකරණ ඇතුළු අමුද්‍රව්‍ය සපයා ගැනීමේ විශාල අර්බුදයකට මුහුණ පෑමට කර්මාන්තයේ නිරත වූවන්ට සිදුවුණා. පවතින තත්වය යටතේ තවදුරටත් සාම්ප්‍රදායික අපනයන වලින් පමණක් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් නැහැ. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ පටන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ තේ රබර් පොල් ඇතුළු සම්ප්‍රදායික අපනයන වලින් පමණක් තවදුරටත් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවක් නැහැ.
එම නිසා අපනයන විවිධාංගීකරණය කිරීම සඳහා භාණ්ඩ විවිධාංගිකරණය, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය සහ නවෝත්පාදන සිදු කිරීම මේ මොහොතේ අත්‍යාවශ්‍යයි. එසේ නොවුවහොත් සාම්ප්‍රදායික දේශපාලනයට දෙස් දෙවොල් තබමින් සිටිනවා හැර රට ආර්ථික වශයෙන් නගා සිටුවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවල් මේ වන විට තොරතුරු තාක්ෂණ අපනයනය තුළින් අති විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට යොමු වී තිබෙනවා.වෙනස් වෙමින් පවතින ලෝකය තුළ ඩිජිටල්කරණය ඇතුළු නවීන තාක්ෂණයේ සිදුවන නවෝත්පාදනයන් වඩාත් වැඩි වශයෙන් අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයන් සඳහා උපයෝගීකරගත යුතුයි.මේ අවස්ථාවේ රටක් වශයෙන් මුහුණ දී ඇති ජාතික අභියෝගයන් ජයගනිමින් එක්ව කටයුතු කිරීමට සියලු දෙනාගේම ශක්තිය සහ කැපවීම අත්‍යවශ්‍යයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23