රාජ්‍ය සේවා වෘත්තිය සමිති හෙට දැවැන්ත විරෝධතාවක

ඉදිරි අයවැයෙන් රුපියල් 20 000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සැලසුම් කර තිබෙනවා.

හෙට (30) දහවල් 12 – 01 කෑම පැයේ රට පුරා රාජ්‍ය ආයතන හා ආසන්න නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කිරීමටයි ඔවුන් කටයුතු යොදා ඇත්තේ.

සියලු සේවකයින්ට රුපියල් 20 000ක දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙසට සහ 2018 වසරේ අයවැය යෝජනා මඟින් අහිමි කළ රාජ්‍ය සේවක පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාදෙන ලෙසත් බල කිරීම මෙම ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයේ අරමුණයි.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, කෘෂිකර්ම උපදේශක සේවය, කම්කරු නිලධාරී ඇතුළු පළාත් රාජ්‍ය සේවා රැසක නිලධාරීන් මෙම විරෝධතාවයට එක් වනවා.

අයවැය මඟින් අදාළ ඉල්ලීම් ඉටු නොවුනහොත් ඉන් පසු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ලෙස සියලු සේවා ඒකාබද්ධව ජාතික විරෝධතාවක් ලෙසට මෙය පරිවර්තනය කරන බවයි රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?