රාජ්‍ය සේවා වෘත්තිය සමිති හෙට දැවැන්ත විරෝධතාවක

ඉදිරි අයවැයෙන් රුපියල් 20 000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සැලසුම් කර තිබෙනවා.

හෙට (30) දහවල් 12 – 01 කෑම පැයේ රට පුරා රාජ්‍ය ආයතන හා ආසන්න නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කිරීමටයි ඔවුන් කටයුතු යොදා ඇත්තේ.

සියලු සේවකයින්ට රුපියල් 20 000ක දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙසට සහ 2018 වසරේ අයවැය යෝජනා මඟින් අහිමි කළ රාජ්‍ය සේවක පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාදෙන ලෙසත් බල කිරීම මෙම ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයේ අරමුණයි.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, කෘෂිකර්ම උපදේශක සේවය, කම්කරු නිලධාරී ඇතුළු පළාත් රාජ්‍ය සේවා රැසක නිලධාරීන් මෙම විරෝධතාවයට එක් වනවා.

අයවැය මඟින් අදාළ ඉල්ලීම් ඉටු නොවුනහොත් ඉන් පසු ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ලෙස සියලු සේවා ඒකාබද්ධව ජාතික විරෝධතාවක් ලෙසට මෙය පරිවර්තනය කරන බවයි රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56